‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය වාණිජ බැංකුව’ ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මාන ලබයි

කොමර්ෂල් බැංකුව සිය ක‍්‍රියාවලීන් සහ සේවා සම්පාදනය වෙනුවෙන් සිදුකළ අර්ථවත් නවෝත්පාදනයන් ඇගයීමට ලක්කරමින් ලන්ඩනයේ ප‍්‍රකට ව්‍යාපාරික සඟරාවක් විසින් ‘2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය වාණිජ බැංකුව’ ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. බිස්නස් ටැබ්ලොයිඞ් සඟරාව විසින් පැවැත්වූ බිස්නස් ටැබ්ලොයිඞ් බැන්කිං සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට මෙම සම්මානය හිමිවූයේ ජාත්‍යන්තර තලයේ බැංකුකරුවෙකු ලෙස කර්මාන්තය සම්බන්ධයෙන් ලබා තිබෙන ගෞරවය සහ ලබා තිබෙන විශේෂඥතාවය සැලකිල්ලට ගනිමිනි. ‘අපගේ නිෂ්පාදන සහ සේවා ලබාදෙන ආකාරය සහ භාවිතා කරන ආකාරය තාක්ෂණය විසින් විප්ලවීය මාවතකට අවතීර්ණ කර තිබෙනවා. අද අළුත් පරම්පරාවේ ගනුදෙනුකරුවන් අපගෙන් නවෝත්පාදනය බලාපොරොත්තු වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා පැවසීය. ‘බැංකුවේ ආයතනික සංස්කෘතියට අනුව නවෝත්පාදයන් සිදුකිරීම ප‍්‍රධාන අංගයක් බවට පත්වී තිබෙනවා. මෙවැනි සම්මානයක් මගින් පෙන්වන්නේ කොමර්ෂල් බැංකුව විසින් සිය පාරිභෝගිකයින්ට නව්‍ය වූ විසඳුම් ලබාදීමේදී ලබා තිබෙන සාර්ථකත්වයයි.’ සිය ගැනුම්කරුවන්ට බැංකු සේවා ප‍්‍රවේශ කිරීමට සහ වඩාත් පහසුකිරීමට කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වාදී තිබෙන නවෝත්පාදනයන් මෙම සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරා ගැනීමට හේතුවී ඇත. බැංකුවේ අති නවීන සේවාවන් අතරට අයත්වන අන්තර්ජාල බැංකුකරණය සහ ජංගම දුරකතන බැංකුකරණය, කෙටි පණිවුඩ බැංකුකරණය, ජංගම දුරකතන සඳහා මුදල් ටොප්-අප් කිරීම, විදේශීය ස්විෆ්ට් මුදල් පේ‍්‍රෂණ සේවා, නව්‍ය ස්වයංක‍්‍රීය බැංකුකරණ මධ්‍යස්ථාන, ශාඛාවල පිහිටුවා තිබෙන ස්වයං සේවා ස්පර්ශක තිර, ස්වයංක‍්‍රීය ක්ෂණික මුදල් සහ චෙක්පත් තැන්පතු යන්ත‍්‍ර, මුදල් ආපසු ගැනීමට අමතරව බිල්පත් ගෙවීම් මාලාවක් සිදුකළ හැකි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර අයත් වේ. ගෙවුණු වසරේදී බැංකුව විසින් සිදුකළ නව්‍ය වූ වැඩසටහන් අතරට සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකු ගිණුම වන ‘ෆ්ලෑෂ්’ ගිණුම හඳුන්වාදීම, ශ‍්‍රී ලංකාවට UnionPay කාඞ්පත් හඳුන්වාදීම, චීන සංචාරකයින්ගේ පහසුව වැඩි කිරීමට ශ‍්‍රී ලංකාව තුළ WeChatPay පිළිගැනීම සහ QR කේතය පදනම් කරගත් ගෙවීම් සඳහා පහසුකම් සැපයීමට AliPay සමග සම්බන්ධ වීම, ශ‍්‍රී ලංකාවට TokenisedMastercard ගෙවීම් බිහිදොර සේවාවන් හඳුන්වාදීම, ශ‍්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ජංගම දුරකතන පේ‍්‍රෂණ සේවාවන් සඳහා පහසුකම් සැපයීම, අන්තර්ජාල ගෙවීම් බිහිදොර හරහා ක්‍රෙඩිට් කාඞ්පත් පියවීම් සක‍්‍රීය කිරීම, ඉතාමත් ඉක්මන් සහ වැඩිදුරටත් ආරක්ෂිත බ්ලොක්චේන් තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු රට තුළට සහ රටින් පිටට නියාමනයකින් යුතුව පේ‍්‍රෂණ මුදල් යැවිය හැකි Ripple බ්ලොක්චේන් තාක්ෂණය සමග බැඳුණු ගෝලීය ගෙවීමේ ජාලයක් වන RippleNet සමග ඒකාබද්ධ වීම, ජාතික කාඞ්පත් වැඩසටහන යටතේ නිකුත් කර තිබෙන LankaPay-JCB (ජපාන ණය කාර්යංශය) සම සන්නාමකරණය කර තිබෙන කාඞ්පත් තමන්ගේ පොයින්ට්-ඔෆ්-සේල් (POS) යන්ත‍්‍ර ජාලය මගින් පිළිගන්නා ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වීම යන වැඩසටහන් අයත් වේ. 2019 බිස්නස් ටැබ්ලොයිඞ් බෑන්කිං සම්මාන දිනාගත් අනිකුත් බැංකු අතරට එංගලන්තයේ Coutts & Co, ටැන්සානියාවේ Diamond Trust Bank, ස්විට්සර්ලන්තයේ UBS, ස්පාඤ්ඤයේ Open Bank, පිලිපීනයේ Deutsche Bank, නවසීලන්තයේ Citigroup Inc., මෝල්ටාවේ Fimbank, ඉන්දියාවේ ICICI Group, බෲනායිහි MayBank, ඇෆ්ගනිස්ථානයේ Ghazanfar Bank සහ සෞදි ආරාබියේ Bank Aljazira ඇතුළත්ය. බිස්නස් ටැබ්ලොයිඞ් සම්මාන සඳහා ස්ථානය, ප‍්‍රමාණය සහ අයිතිය යන සාධක පිළිබඳ බාධාවකින් තොරව ලෝකයේ තිබෙන ඕනෑම සමාගමකට අයදුම් කළ හැකිවේ. මෙම සම්මාන සඳහා යෝජනා වන්නන් තෝරාගැනීම සඳහා නවෝත්පාදනය, ජයග‍්‍රහණ සහ ආයතනයේ දායකත්වය වැනි විවිධ වූ නිර්ණායක භාවිතා කරයි. ඉතාමත් නිවැරදි සහ පාඨකයා දැනුවත් කරන අන්තර්ගතයන්ගෙන් පොහොසත් මුද්‍රිත සහ අන්තර්ජාල ප‍්‍රවෘත්ති සඟරාවක් වන බිස්නස් ටැබ්ලොයිඞ් මගින් කර්මාන්ත, අන්තර්ජාතික ව්‍යාපාර සහ ගෝලීය ආර්ථිකය පිළිබඳව පුළුල් විශ්ලේෂණාත්මක ආවරණයක් ලබාදෙයි. කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 846 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසර වලදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ. කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.

The post ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය වාණිජ බැංකුව’ ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මාන ලබයි appeared first on Adaderana Biz English | Sri Lanka Business News.



adaderana business

Post a Comment

Previous Post Next Post